තරුණියක් අපයෝජනය කළැයි පුද්ගලයෙක් අත්අඩංගුවට


 


(ජුඩ් සමන්ත)

විශේෂ අවශ්‍යතා  සහිත  විසි එක්  හැවිරිදි  තරුණියක්  අපයෝජනය  කළ බව කියන 31 හැවිරිදි අවිවාහක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව - තෝණිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
අතවරයට පත්ව ඇති තරුණිය ඇයගේ මව සමග ජීවත් වී ඇත. සිද්ධිය වූ දිනයේ මව කුලී වැඩ සදහා නිවසින් පිටතට ගොස් සිටියදී මෙම අපයෝජනය සිදු වී ඇත.

සැකකරු ආණමඩුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අපයෝජනයට  ලක් වු  තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.