(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුනිල්.එස්. තන්ත්‍රිආරච්චි)
තර්ජනය කර බියගන්වා වරින්වර තරුණියකගෙන් මුදල් ලබාගත් තරුණයෙකු කළුතර නගරසභාව අසළදී අද(19) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු පානදුර වත්තල්පොළ පදිංචි 25 හැවිරිදි තරුණයකි.
සැකකරු සතුව තිබී ජංගම දුරකථන දෙකක්, සිම්පත් දෙකක්, විද්‍යුත් ක්‍රමයට මුදල් හුවමාරු කිරීමේ රිසිට්පත් 8ක් සහ බැංකු රිසිට්පත් කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි.
පයාගල මග්ගොන ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියව මීට මාස කිහිපයකට ඉහතදී වට්ස්ඇප් සමාජමාධ්‍ය හරහා මෙම තරුණයා හඳුනාගෙන සබඳතාවක් පවත්වා ඇති අතර පසුව එය නවත්වා ඇත.
සැකකරු ඇගෙන් අවස්ථා ගණනාවකදී තර්ජනය කර රුපියල් 5,000 සහ 10,000 බැගින් මුදල් ඉල්ලා ඇති අතර ඇය සැකකරුට වරින්වර එම මුදල් ලබාදී ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.
තරුණියකට තර්ජනය කර මුදල් ලබාගත් තරුණයා අල්ලයි
Recommended Articles