තරුණියකට අතවර කිරීමට තැත්කළ පෙම්වතා හා මිතුරා අත්අඩංගුවට


(යක්කලමුල්ල ජේ.කේ.එල්.චාමින්ද)
 
 තම පෙම්වතිය නිවසකට රැගෙන ගොස් දුෂණය කළ බව කියන 21 හැවිරිදි පෙම්වතකු හා ඒ සඳහා අනුබලදිම, පෙම්වතියට ලිංගික අතවර කිරිමට තැත්කිරිම සම්බන්ධයෙන්  තවත් අයෙකු අත්අඩංගුවට ගත් බැව් අක්මිමන පොලිසිය පවසයි.

 පෙම්වතිය 34 හැවිරිදි වියේ පසුවන තරුණියකි. 21 හැවිරිදි තරුණයකු විසින් ඇය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පත්වාගෙන ගොස් ඇත. පෙම්වතා පෙම්වතියට තලගහහන්දියට එන ලෙස පවසා යතුරුපැදියකින් තම මිතුරකුගේ නිවසට රැගෙන ගොස් ඇත.  දෙමව්පියන්ට පෙන්විම සදහා තම නිවසට රැගෙන යන බව පවසා පෙම්වතා විසින් මෙම තරුණිය මිතුරාගේ නිවසට රැගෙන ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී ඇත.

පසුව සැකකාර පෙම්වතා  විසින්  පෙම්වතිය  සමග නිවසේ සිටියදි මිතුරාද  නිවසට පැමිණ තිබේ. ඔහුද මෙම තරුණියට ලිංගික අතවර කිරීමට උත්සාහ කොට ඇත. එයට සැකකාර පෙම්වතා හා පෙම්වතිය විරුද්ධවි ඇති බව පොලීසිය පවසයි. පසුව  මේ සම්බන්ධව සැකකාර පෙම්වතා හා මිතුරා අතර ගුටිබැට හුවමාරුවක්ද වි ඇති  බව පරික්ෂණවලදී අනාවරණය වි ඇත. මේ අතරේ පෙම්වතිය ඒ අසල ඇති නිවසකට දිවගොස් ඇත. පසුව  පෙම්වතිය පොලිසියට කරණු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකාර පෙම්වතා හා  මිතුරා අත්අඩංගුවට ගෙන ඇත.

 මොවුන් දෙදෙනා අද (11) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර අක්මිමන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.