(හැටන් රංජිත් රාජපක්ෂ)
මහවැලි ගගේ දිය නැමට ගිය තරුණයෙක් මහවැලි ගගේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මෙසේ මිය ගොස් ඇත්තේ නාවලපිටිය පොලිස් බල ප්රිදේශයට අයත් පල්ලේගම පදිංචි රංජිත් කුමාර නැමති 20 හැවිරිදි තරුණයෙකි.
ගාල්ල ප්රදදේශයෙන් පැමිණි ඥාතින් පිරිසක් සමග අද (08) පස්වරු 5 ට පමණ නාවලපිටිය වරකාව පන්සල අසලින් මහවැලි ගගේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදි ජීවිතක්ෂයට පත් තරුණයා සමග තවත් ඔහුගේ මිතුරෙකු සහ ඥාති සෙහොයුරියක් මහවැලි ගගේ දිය නාමින් සිටියදි මෙම තිදෙනාම සැඩ පහරට හසු වි මහවැලි ගගේ ගසා ගෙන ගොස් ඇත.
මහවැලි ගගේ ගසාගෙන ගිය තරුණිය සහ තරුණයෙකු ප්රහදේශවාසින් විසින් බේරාගෙන ඇති අතර, මිය ගිය තරුණයාගේ සිරුර ඔහු දිය නෑමට මහවැලි ගගට බැස ඇති ස්ථානයේ සිට මිටර් 50 පමණ පහලින් ගගේ ගැඹුරු වලක තිබි නාවලපිටිය පොලිසිය සහ ප්රිදේශවාසින් එක්ව ගොඩ ගෙන නාවලපිටිය මූලික රෝහල වෙත බාර දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂන පවත්වයි.