තරුණයා අපයෝජනය කළ නිවෙස් හිමියා දැලේ



(චන්දන ප්‍රනාන්දු ) 

පුවත්පතක දැමු දැන්වීමක් මත වෙන්නප්පුව  ප‍්‍රදේශයේ  නිවසක  රැකියාවට ආ විසි එක් හැවිරිදි තරුණයෙකු පළමු දිනයේදීම ලිංගික අපයෝජනයකට ලක් කළ   නිවෙස් හිමිකරුවකු  අද (14)  වෙන්නප්පුව පොලීසිය අත්අඩංගුවට  ගෙන තිබේ.        

පුවත්පතක රියදුරු රැකියාවක් සඳහා  මෙම දැන්වීම පළ කර තිබි ඇති අතර ඒ අනුව  මෙම තරුණයා මෙම නිවසට පැමිණ තිබේ. ඔහු අපයෝජනයට ලක් කළ නිවෙස්හිමිකරු හැටපස් හැවිරිදි  පුද්ගලයෙකි.

මෙම සිදුවීමෙන් දැඩි  බියට හා කම්පනයට පත්ව සිටින තරුණයා වෛද්‍ය පරික්ෂණයක් සඳහා මාරවිල රෝහලට යොමු කළ බව පොලීසිය පවසයි.