තබ්බෝවේ වලකට වැටුණු අලි පැටියා ගොඩගනී


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )                  

තබ්බෝව අභය භුමියට අයත් කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ  ජලය පිරී ගිය ගල් වලකට වැටී සිටි මාස හතරක පමණ වයසැති අලි පැටවකු බේරා ගැනීමට  කරුවලගස්වැව වන ජීවි නිළධාරින් සමත් විය.

මෙම අලි පැටවා දින දෙකකට පෙර අලියා වැටුණු  ගල් වල  නමින් ප්‍රකට ගල් වලට වැටි ඇති බවත් ඒ ආසන්නයෙන් ගමන් ගත් කිසිවකු මෙය දැක කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජානක බාලසුරිය මහතාට දැනුම් දිමේන් අනතුරුව ඔහු වන ජීවි නිළධාරින් දැනුවත් කර තිබුණි.

දින දෙකකට ආසන්න කාලයක් මෙම අලි පැටවා වළ තුළ ජලයේ දගලමින් සිටියදි ගොඩ එමට උත්සහ කර ඇති නමුත් එය අසාර්ථක වි ඇති බවත් කළු ගල් වලට අලි පැටවාගේ පාද මුඛය හා ශරිරය පුරා තුවාල සිදුව තිබුණි. 

ගොඩ ගනු ලැබු අලි පැටවා කරුවලගස්වැව වන ජීවි නිළධාරි කාර්යාලයට රැගෙන යාමෙන් පසුව අනුරාධපුර පණ්ඩගම වන ජීවි පශු වෛද්‍ය එකකයට රැගෙන යාමට නියමිතව තිබුණි.