තබ්බෝවට දඩයමේ ගිය තුනක් මාට්ටු


(ජයරත්න වික්‍රමාරච්චි)

තබ්බෝව අභයභූමියට අයත් විළඳගොඩ ප්‍රදේශයේදී බෙහෙත් කොටන තුවක්කුවක්, එස්.ජී. වර්ගයේ ජීව පතරොම්1ක්, හිස පළඳන විදුලි පන්දම් 2ක්, පිහියක් හා යතුරුපැදි 2ක් සමග පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.

එම ප්‍රදේශයේ අද(2) අලුයම  සිදුකළ මුර සංචාරයකදී මෙම වැටළීම සිදුකළ බවත්එහිදී මෙම පිරිස සමග සිටි තවත් පුද්ගලයකු එම අවස්ථාවේදී පළා ගිය බවත් වනජීවී කාර්යාලය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් පහළ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මොවුන් වනසතුන් දඩයම පිණිස තබ්බෝව අභයභූමියට ඇතුළුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් එම කාර්යාලය පවසයි.