තබ්බෝව නිවසක පුද්ගල මළ සිරුරක්


ජයරත්න වික්‍රමාරච්චි
 
තබ්බෝව තේවනුවර ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබි අද (25) පුද්ගල මළ සිරුරක් හමුවි ඇතැයි කරුවලගස්වැව පොලිසිය කියයි.

 
මෙලෙස මිය ගොස් ඇත්තේ තබ්බෝව තේවනුවර පදිංචි 68 හැවිරිදි සිව්දරු පියෙකු බවට මූලික විර්ශනවලදී අනාවරණය වී තිබේ.
 
මෙම තැනත්තා සිය නිවස තුළ තනිව වාසය කරමින් සිටි අයෙකු බවත් අද (25) දහවල් එම නිවස තුළ විදුලි පහන් දැල්වී තිබීමක් පිළිබඳව අසල්වැසි ඥාතියෙකුට ඇති වූ සැකය මත විපරම්කර බලා පසුව ඒ පිළිබඳව කරුවලගස්වැව පොලීසිය දැනුම්වත් කර ඇති බවත් පැවසේ. 
 

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම මූලික රෝහලට රැගෙන යන ලෙසට කරුවලගස්වැව කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක එච්.එම්. විජේසමරතුංග මහතා කරුවලගස්වැව පොලිසියට නියෝග කළේය.

කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඩී.එස්. ජයලත් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම විමර්ශන සඳහා එක්ව සිටියහ.