සටහන සේයාරූ - හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ (17) අළුයම කඩා වැදුන වල් අලියකු බේකරියකට හානි කර ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
අළුයම එකට පමන කඩා වැදි ඇති වල් අලියා බේකරියේ පිටුපස බිත්ති පෙරළා එයට ඇතුල් විමට උත්සහ කර ඇති අතර එහිදි බේකරි හිමිකරු දැඩි පරිශ්‍රමයක් දරමින් අලියා පන්නා දමා ඇති නමුත් බිත්ති පෙරළා දැමිමේන් බේකරියේ තිබු රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමකින් යුත් විදුලි අවන් යන්ත්‍රයකට හානි සිදුව ඇති බව පොලිසිය පවසයි .
දැඩි අසිරුවෙන් පවත්වාගෙන ගිය මෙම කුඩා බේකරිය හිමිකරුවන් බැංකු ණය ලබා ගනිමින් මෙය පවත්වාගෙන ගිය අතර මේ වන විට මොවුන් අසරණ වි ඇති බව පවසයි.
මෙම පිරිස පුත්තලම කල්අඩිය 4 කනුව ප්‍රදේශයට මෙයට වසර 30 කට පෙර පැමින ඇත්තේ පුල්මුඩේ මී ගස්වැව ප්‍රදේශයේ සිට එල්.ටි.ටි.ඊ .තර්ජන හේතුවෙන් ඒ සමයේ පැමින ඇති බව කියයි .
මේ වන විට කල් අඩිය ආසන්නයේ වල් අලි 30 කට ආසන්න ප්‍රමනයක් නිරන්තරයෙන් සැරිසැරිම නිසා ජනතාව බරපතල ප්රශ්න රැසකට මුහුණ දි ඇති බව කියයි.




