තන පටයේ මත්කුඩු සඟවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට


(ජේ.කේ.එල් චාමින්ද)

මත්කුඩු ග්‍රෑම් 04 ක් හා මිලිග්‍රෑම් 236 ක් තන පටයේ සඟවාගෙන සිටි  සිව්දරු මවක්  අද (02) ගාල්ල කළේගාන සපුමල් ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය පවසයි.

මෙම කාන්තාව විසින් මත්කුඩු අලෙවි කරන බවට ලද තොරතුරකට   අනුව පොලිසිය විසින්  ඇය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී ඇයගේ තනපටිය තුළ මත්කුඩු සඟවාගෙන සිටි බව පොලිසිය පවසයි. 

කාන්තාවත් සමඟ  සිටි  ඇයගේ ලොකු පුතා  පලාගොස් ඇති අතර කාන්තාව විසින් ඊෂිකැෂ් ක්‍රමය යටතේ  මත්කුඩු ගෙන්වා  ජවාරම්කරන බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම කාන්තාව කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර  ඇය මත්කුඩු පැකට් කොට අලෙවිකරණ බව පොලිසිය පවසයි.

සැකකාර කාන්තාව හෙට (03) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය කීය.