(ඩී.කේ.රත්න )
තණමල්විල ගගේයායේ අද (8) අලුයම තියුණු ආයුධයකින් කපා කෙටීමෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා තණමල්විල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මූලික රෝහලට මාරුකර යවා ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
තණමල්විල ගගේයාය පදිංචි වයස අවුරුදු 50 පමණ කාන්තාවක් මෙසේ තියුණු ආයුධයකින් කැපීම නිසා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිද්ධියට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.
කිසියම් පෞද්ගලික හේතුවක් නිසා කිසියම් පුද්ගලයකු විසින් මෙම කාන්තාව කපා කොටන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.