(නාඋල - ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තක්කාලි මිල පහතවැටීම හේතුවෙන් වගාකරුවෝ දුෂ්කරතා රැසකට මුහුණපා සිටිති.
තමන්ගෙන් ඉතා අඩු මිලට ගන්නා තක්කාලි කිලෝව රුපියල් 100 සිට 200 දක්වා ඉහළ මිලගණන් යටතේ අළෙවි වන බව මොවුන් කියා සිටීති.
බහුල වශයෙන් තක්කාලි වගාකර ඇති නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වැවැත්තෑව හා බිබිල ප්‍රදේශවල ගොවින් කියා සිටියේ තමන් බැංකු වලින් ලබාගත් ණය මුදල් යොදා වගාවන් සිදුකර ඇති බවත් මෙසේ නියමිත වෙළඳ වටිනාකමින් තොරව තම අස්වැන්න ලබාගැනීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත් වී සිටින බවයි.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන නරග රැසක එලවලු වෙළඳසැල් හිමිකරුවන් ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ එලවලු සියයට පනහක් පමණ අපතේ යන බවත් ප්‍රවාහන ගාස්තු හා පැටවුම් කුලි ලබාදුන් විට එලවලු වලින් සුළු ලාභයක් පමණක් පවතින බවයි.