චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු
සේවක ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තංගල්ල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විරෝධතාවයක් අද (1) තංගල්ල මූලික රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.
හිස්ව තිබෙන කනිෂ්ඨ සේවක පුරප්පාඩු පුරවන ලෙසත් නිල ඇදුම් දීමනාව රුපියල් 15,000 න් ඉහළ දමන ලෙසත් අහිමි කළ විශ්‍රාම වැටුප හා ක්‍රමවත්ව උසස්වීම් ලබාදෙන ලෙසත් උද්ඝෝෂකයෝ ආණ්ඩුවට බල කර සිටියහ.
උද්ඝෝෂණය සදහා කනිෂ්ඨ සේවකයන් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටි අතර දහවල් කෑම පැයේදී මෙම විරෝධතාවය පැවැත්වූහ.