(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
අයිස් කැට වැස්සත් සමඟ කහටගස්දිගිලිය ගම්මාන කීපයකට බලපෑම් කරමින් හදිසියේ හමා ගිය දරුණු ටොනාඩෝ තත්වයක් හේතුවෙන් නිවාස (44) කට පූර්ණ හා අර්ධ හානී සිදුවී විදුලිය බිදවැටි මහ මාර්ග රැසක් අවහිරවී ඇති බව කහටගස්දිගිලිය ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ අපදා ඒකකය පවසයි.
අයිස් වර්ෂාව සමඟ ඇතිවූ ටෝනාඩෝ තත්වයෙන් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහවැව (221) ග්‍රාම නිලධාරි තුලානේ නිවාස 20 කටත් දිවුල් වැව (215) ග්‍රාම නිලධාරි තුලානේ නිවාස 10 කටත් ටික්කම්පොතාන (214) ග්‍රාම නිලධාරි තුලානේ නිවාස 03කටත් කොහොඹගස්කඩ (220) ග්‍රාම නිලධාරි තුලානේ නිවාස 10කටත් පුංචිහල්මිල්ලෑව (219) ග්‍රාම නිලධාරි තුලානේ නිවාස එකකටක් හානී සිදුව තිබෙන බව අපදා කළමණාකරණ ඒකකය පවසයි.
මේ අතරින් නිවාස තුනක වහලයන්හි සෙවිලි මුළු මනින්ම ගැලවී ගොස් බරපතල අලාභ හානී සිදුව තිබෙන බවත් තවත් නිවාස දෙකකට සැලකිය යුතු මට්ටමේ හානී සිදුවී තිබෙන බවත් ආපදා ඒකකය සදහන් කරයි.
සෙසු නිවාසයන්ට අර්ධ හානි සිදුව තිබෙන බවත් එම ඒකකය පවසයි. මෙම නිවාසයන්ට වඩා තවත් හානී රැසක් සිදුවී ඇතිබව මුකිරියාව හා වැලි ගොල්ලෑව ගම්වාසින් සදහන් කළහ.
මුකිරියාව මහ විද්‍යාලය ඇතුළුව නිවාස 15 කට පමණ හානී සිදුවී ඇතත් ගස් කඩා වැටීම නිසා නිලධාරින්ට එහි පැමිණිමට නොහැ කිවී ඇති බව ඔවුන් සදහන් කළේය.