ටිපර් රථ අනතුරින් රියදුරු මරුට


(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය ඉරණමඩු මන්සන්ධිය අසලදී ඒ- 9 මාර්ගයේ අද (12) උදෑසන සිදු වූ ටිපර් රථ අනතුරකින් එක් ටිපර් රථයක රියදුරු මිය ගිය බව  කිලිනොච්චිය පොලීසිය පවසයි.

ඒ-9 මාර්ගයේ මාන්කුලම් සිට යාපනය දක්වා ගමන්ගත් ටිපර් රථ දෙකක් කිලිනොච්චි ඉරණමඩු සන්ධිය හා කිලිනොච්චිය පොලිස් අධිකාරි කාර්යාලය අතර මාර්ගයේදී පසුපසින් ආ ටිපර් රථය ඉදිරිපස ටිපර් රියේ වැදීම හේතුවෙන් පසුපසින් ආ ටිපර් රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

ටිපර් රථ අනතුරින් ඉදිරිපස ගමන්ගත් ටිපර් රථ රියදුරුට සුළු තුවාල සිදුව ඇතැයි ද පොලිසිය කියයි.