ටැමඩෝල් සමග තරුණයකු අත්අඩංගුවට


(පුත්තලම - ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ටැමඩෝල් පෙති 5000 ක් සමග වයස අවුරුදු 20 ක් වන තරුණයෙකුව පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නොරෙච්චෝල පොලීසියට බාර දී ඇත.


ඊයේ (07) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.


අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නොරචෝල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පදිංචිකරුවෙකි.ටැමඩෝල් පෙති තොගය ඔහුගේ නිවසේ සගවා තිබී ඇත.


තම සහෝදරයා විසින් මෙම පෙති තොගය අලවි කිරීම සදහා ලබා දුන් බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.
නොරචෝල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික කටයුතු වල නිරත වන තරුණ ව්‍යාපාරිකයින් සහ ප්‍රදේශයේ පාසල් දරුවන් සැකකරුගේ ඉලක්කය වී තිබී ඇති බව වැටලීම කළ නිලධාරීන් කියයි.


සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


නොරච්චෝලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

 

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ