ප්‍රේමතිලක පෙරමුණ
පැලවත්ත නෙළුව මාර්ගයේ දී වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයක් පෙරැළී මෙන් එහි ගමන්ගත් ප්‍රාදේශීය සභා කම්කරුවෙක් අද (26) මරුමුවට පත්ව ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මීගහතැන්න අක්කර දහය ප්‍රදේශයේ පදිංචි නිලන්ත ජයසේකර නම් තිදරු පියෙකි. හෙතෙම අනතුරට පත්වීමෙන් පසු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
දෛනික කසළ එකතු කිරීම සිදු කළ ට්‍රැක්ටරයක් මෙසේ අනතුරට පත්ව ඇති බවත්, සිද්ධියෙන් එහි ගමන්ගත් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසයි. මීගහතැන්න පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ට්‍රැක්ටරය පෙරළීමෙන් ප්‍රාදේශීය සභා සේවකයා මරුට
Recommended Articles