(ඩබ් ඒ පියතිලක)
මැදිරිගිරිය පඹුරාණ ප්‍රදේශයේ මින්නේරිය ඔයට ට්‍රැක්ටර් රථයක් පෙරැළීමෙන් 38 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව මැදිරිගිරිය පදිංචි මල්ලව ආරච්චිලාගේ සුමිත් මල්ලව ආරච්චි (38) හැවිරිදි අවිවාහකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය කළ විමර්ශන අනුව මෙම පුද්ගලයා දිග්ගල්පුර සිට පඹුරාණ මින්නේරිය ඔය පාරේ අක්කර 10 කුඹුරු යාය තුළ ගොයම් කපන යන්ත්‍රය ට්‍රැක්ටර් රථයේ පටවාගෙන ගොයම් කැපීම සඳහා ගොස් තිබේ.
ට්‍රැක්ටර් රථය ඉවත් කර ගැනීමට නොහැකි වීමෙන් මැදිරිගිරිය පොලිසියට පැවැසිමෙන් පසු මැදිරිගිරිය පොලිස් නිලධාරින් විසින් කුඩා දොඹකරයක් රැගෙන විත් ට්‍රැක්ටරය සහ ට්‍රේලරය ඉවත් කිරිමෙන් පසු යට වී සිටි රියදුරා ගොඩට ගෙන මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ වන විටත් එම පුද්ගලයා මරණයට පත්ව ඇති බව වෛද්‍යවරු පවසා තිබේ. මේවන විට මියගිය අයගේ මෘත දේහය මැදිරිගිරිය රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.