ජීව උණ්ඩ තොගයක් සමග තුවක්කුකරුවකු අල්ලයි


(නවරත්න සමරතුංග)

විදේශයේ නිෂ්පාදිත බෝර 12 පතුරොම් තුවක්කුවක් සමඟ ටී 56 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 443ක් සහ එස්.ජී.වර්ගයේ ජීව පතුරොම් අටක් සන්තකයේ තබාගෙන සිටි තුවක්කු කරුවෙකු අද (22 ) අත් අඩංගුවට ගෙන ඇති බව උහන පොලීසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ලත් 47 හැවිරිදි තුවක්කු කරුවෙකි.

මොහු විසින් දිගින් දිගටම වන සතුන් දඩයම් කරන බවට උහන පොලීසියේ ස්ථානාධිපති වරයාට ලැබුණ තොතුරු මත ඉතා සූක්ෂමව හා රහසිගතව විමර්ශනයක් කර ඇත.

ඒ අනුව සැකකරු රාත්‍රි කාලයේ සතුන් දඩයම් කිරීමට පිටත්ව යාමට සූදානම් වන අවස්ථා‍ෙව් වැට ලීම සිදු කරමින් ඔහුගේ පැල තුල තිබුණ බෑගයක මෙම ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත. සැකකරු සමග නඩු භාණ්ඩ අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.