ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම පසුගියදා විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමට සිදු කෙරුණ බව විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමියෝ පැවසුහ.
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රවිනාත් ආරියසිංහ, එම කාර්යාලයේ කුමාරරත්න ඇතුළු ශ්‍රී ලාංකික ස්විස්,තායිලන්ත, වියට්නාම, කාම්බෝජ, ලාඕස සහ ප්‍රංශ ජාතිකයන් විශාල පිරිසක් පිංකම සඳහා සහභාගී වුහ.
කඨින පින්කමෙහි අනුග්‍රහකත්වය දරනු ලැබුවේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ ආරම්භක දායක-දායිකා පිරිසක් වන බාසල් නගරයේ පදිංචි ශ්‍රී ලාංකික සැදැහැවතුන් පිරිසක් විසිනි.
තායිලන්තයේ සියලුම ජනතාවගේ ඉමහත් ගෞරාවාදරයට පත්ව සිට පසුගියදා පරලෝ සැපත් භූමිබෝල් අදුල්‍යදේජ් රජතුමන් සිහිපත්කර පැන්වඩා එතුමන් හට පිං පැමිණවීම ද සිදු කෙරුණි.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/117.png)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/216.png)
![2[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/221.png)
![3[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/321.png)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/412.png)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/611.png)
