ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දෙගුණයකින් ඉහළට


(ජයන්ත සමරකෝන්)

රටේ ආරක්ෂක තත්ත්වයත් සමඟම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දෙගුණයකින් වැඩි වී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙතෙක් දෛනිකව එක්දින සේවාව මගින් නිකුත් කළ 1200 ක් පමණ වන හැඳුනුම්පත්  සංඛ්‍යාව 2000 කින් පමණ ඉහළ ගොස් ඇතැයි එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවැසීය.

ඒ සමඟම දෛනික ආදායම රුපියල් ලක්ෂ 12 සිටි රුපියල් ලක්ෂ 20 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවද ඒ මහතා කීය.