ජාතික රෝහල ඉදිරිපිට හෙද වර්ජනයක්


( ශාන්ත රත්නායක) 

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක්  අද (14 ) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්විණි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම, දෙවන පන්තියේ උසස්විම් වසර 5කින් සහ පළමු පන්තියේ උසස්වීම් වසර 7කින් ලබා දීම, දීමනා විෂමතාවය ඉවත් කිරීම, බදවා ගැනීමේ පටිපාටි සංශෝධනය, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි.

බස්නාහිර ප්‍රධාන උද්ඝෝෂණය ශ්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට සහ නැගෙනහිර ප්‍රධාන උද්ඝෝෂණ ය මඩකලපුව රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.