ජේ.කේ.එල් චාමින්ද
මෙරට ප්‍රධාන පාසල් හා ජාතික පාසල් 300ක වසර අටකට වඩා වැඩි කාලයක් රැඳී සිටි විදුහල්පතිවරුන් මෙම මස 16 වැනිදා සිට ස්ථාන මාරු කිරීමට කටයුතු කරන බැව් අධ්‍යාපන ඇමති අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.
ගාල්ල මීපාවල අමරසුරිය මහාවිද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. එම විදුහලේ රිචඩ් පතිරණ අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව,තාක්ෂෙණ විද්‍යාගාරය ඇතුළු ගොඩනැගිලි සංකිරණ පද්ධතිය සිසු අයිතියට පැවරිමද ඇමතිවරයා අතින් සිදුවිය.
‘‘මා ගැන ගුරුවරුන්ගේ හිතේ අමාරුවක් ඇති ගුරුවරුන් මාරුකරපු නිසා. නමුත් ඒ ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක කරනවා. ලංකාවේ ප්‍රධාන පාසල් ඇතුළු ජාතික පාසල් 300ක වසර අටකට වඩා රැදි සිටි විදුහල්පතිවරුන් ටිකත් මේ මස 16 වැනිදා සිට මාරුකරනවා.‘‘