ජවිපෙ මැයි රැළිය යාපනයේදී සැමරේ


 
  (රොමේෂ් මධුෂංඛ)
 
 අදට යෙදී ඇති ලෝක මැයි දිනය නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ  මැයි දින සැමරුම  අද (01) යාපනය නගරයේදී  පැවත්විණි.
 
යාපනය නගර සභා ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය යාපනය රක්කා වීදිය ඔස්සේ මහ රෝහල් මන්සන්ධියෙන් නගර මධ්‍යට පිවිස නැවත නගර සභා ක්‍රීඩාංගණයෙන් අවසන් කෙරිණි.
 
මැයි රැලිය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන බිමල් රත්නායක , සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරීන් හා සාමාජිකයින් මෙන්ම උතුරේ සෑම දිස්ත්‍රික්කයකින්ම ආවරණය වන පරිදි පාක්ෂිකයෝද සහභාගී වී සිටියහ.
 
ඊට අමතරව ලංකා ගුරු සංගමයද ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළියට සහය දැක්වූ අතර ජාතික සමගිය හා සමානාත්මතාවය වෙනුවෙන් සමාජවාදය යන සටන් පාඨකයන්ද ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළියට එක් කර තිබිණි.