ක ග කරුණාරත්න
යල කන්නයට වගා කළ මැදිරිගිරිය පැරකුම්පුර කුඹුරු අක්කර 500ක් පමණ ජලය නොමැති වීම නිසා විනාශයට පත්වී ඇතැයි ගොවීහු පවසති. මාසයක් පමණ වයසැති එම පැළ ගොයමට මෙන්ම තවත් කුඹුරු අක්කර 1000 කට අධික ප්‍රමාණයක වී වගාව ද ජලය නොමැතිකමින් විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇතැයි ගොවීහු කියති.
ජල හිඟය නිසා පසුගිය මාස් කන්නයේදී වී වගාව මුළුමනින්ම විනාශ වූ බවත් මෙවර ද වී වගාව විනාශවී යාමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ගොවීහු කියති. කවුඩුල්ල වැවෙන් කුඹුරු යායට වතුර ලැබෙන්නේ දින අටකට හෝ නමයකට වතාවක් බව ද ගොවීහු කියති.