(මොහොමඩ් ආසික්)
ලෝක බැංකු ආධාර යටතේ හාරිස්පත්තුව රුවන්පුර ඉදි කර ඇති ප්‍රජා ජල ව්‍යපෘතිය මගින් තමන්ට නිසි ලෙස ජලය ලබා නොදී අධික ජල ගාස්තුවක් අය ගැමියෝ අද(25) උද්ඝෝෂණයක නියැලුණහ.
මෙම උද්ඝෝෂණයට එක්වූ පිරිස සඳහන් කළේ ජල ව්‍යපෘතිය මගින් තමන්ට නිසි ලෙස ජලය නොලැබෙන බවත් අධික ජල ගාස්තු අය කරන බවත් සංචාරක හෝටල්වලට ජලය ලබා දී ඇති බවත්ය.
එම හේතුවෙන් මෙම පුජා ජල යොජනා ක්‍රමය සභාවට පවරා ගෙන තමන්ට නිසි ලෙස ජලය ලබාදෙන දෙන ලෙසත් ඉල්ලා සිටින බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා සදහන් කළේ
ලෝක බැංකු ආධාර යටතේ සහ පළාත් සහ ප්‍රාදේශිය සභාවේ ශ්‍රම දායකත්වය යටතේ හාරිස්පත්තුව ප්‍රජා ජල ව්‍යෘපෘති හතක් ඉදි කළ බවත් ඒ අතර රුවන්පුර ජල යෝජනා ක්‍රමයට ජනතාවගේ විරෝධයක් මතුව ඇති බැවින් ඒ පිළිබදව සොයා බලා පියවරක් ගන්නා බවයි.