ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කප් රුක් වස්ත්‍ර පූජාවක්


දයාරත්න ඇඹෝගම

අනුරාධපුර නිවත්තකචේතිය මහ විදුහල් 83 වැනි සැමරුම වෙනුවෙන්  අද (19)  අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත අනුරාධපුර නගරය හරහා පෙරහරින් කප් රුක් වස්ත්‍ර පූජාවක්  නැටුම් ගැයුම් පංච තුර්ය නාද  බෞද්ධ කොඩි සේසත්  මුරායුධ සහිතව සෙත් පිරිත් ගායනා මැද වැඩම කරන ලදී.

එම පෙරහරේ පැමිණි හිත මිත්‍ර යහළුවන්  සහ ගුරු භවතුන් ඇතුළු  තුන්දහසකට අධික පිරිසකට අනුරාධපුර මධ්‍ය මහා විදුහල්   හාරදහසක පමණ දු දරුවන් විසින් සිසිල් පැන් සංග්‍රහයක් පවත්වනු ලැබිය.

මෙම අවස්ථාවට නිවත්තකචේතිය විදුහල් විදුහල් පතිතුමා මධ්‍ය මහා විදුහල් විදුහල්පති , ගුරුමණ්ඩලය ඇතුළු  දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.