අනීෂා මානගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ ක්‍රමන්ත්‍රණයට විරෝධය දක්වමින් අද (8) බෙලිඅත්ත නගරයේදී විරෝධතාවයක් පැවැත්විණි.
මෙම විරෝධතාවය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා සාමාජිකයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ අතර මේ සඳහා විරෝධතාකරුවන් දෙසීයක පමණ පිරිසක් සහභාගී වූහ.
විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරත විය.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විනාඩි පහලොවක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන් බෙලිඅත්ත වටරවුම දක්වා විරෝධතා පාගමනින් පැමිණ නැවත බස්නැවතුම්පළ දක්වා පැමිණ විරෝධතා පාගමන අවසන් කෙරිණි.
විරෝධතාවය හේතුවෙන් පැය භාගයක පමණ කාලයක් බෙලිඅත්ත නගරයේ රථවාහන ගමනාගමනයටද බාධා ඇති විය.
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නා ලෙසද විරෝධතාකරුවන් රජයට බලකරමින් සටන් පාඨ කීය.