කෝවිල් පුජකවරු ලෙස රඟපා ජංගම දුරකථන හොරකම් කළැයි පියකු හා පුතකු දින 14 ක් රිමාන්ඩ් කරන ලෙස කළුවන්චිකුඩි සංචාරක අධිකරණ විනිසුරු නියෝග කළේය.
කාන්තාවක ළඟ තිබූ වටිනා ජංගම දුරකථනයක් කළුවන්චිකුඩි ප්‍රධාන මාර්ගයේ දී හොරකම් කළ අවස්ථාවේ ජනතාව විසින් ඔවුන්අල්ලාගෙන පොලිසියට බාර දී ඇත.
මේ දෙදෙනො යාපනයේ අය බවත් මෙසේ පැමිණ හොරකමේ යෙදෙන බවත් කළුවන්චිකුඩි පොලිසිය කියයි.