(සුමතිපාල දීයගහගේ)
ගාල්ල සමුද්‍ර මාවතේ පිහිටි ඡායාරූප ශාලාවකට ඇතුලු වී රුපියල් හය ලක්ෂ පනස් තුන් දහසක් වටිනා දේපොල සොරකම් කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (25) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළිවු තොරතුරු අනුව සොරකම් කරන ලද දේපොළ ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
මෙම සැකකරු කලක් මෙම ඡායාරූප ශාලාවේ සේවය කොට මීට මාස තුනකට පමණ පෙර මෙම ඡායාරූප ශාලාවෙන් ඉවත්ව ගොස් තිබේ.
පසුගිය 21 වැනි දා ඡායාරූප ශාලාවේ අයිතිකරු ඡායාරූප ශාලාව සිරිත් පරිදි විවෘත කළ විට එහි තිබූ කැමරාව සහිත බෑගය කිසිවෙකු විසින් සොරකම්කර ගෙන ගොස් ඇති බව දැන ගෙන තිබේ.
තව දුරටත් පරික්ෂාකර බැලීමේදී කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්, කැමරා කාචයක් ඇතුළු තවත් කැමරා උපාංග සොරකම් කර ගෙන ගොස් ඇති බව දැන ගැනීමෙන් පසු ගාල්ල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
සොරකම් කරන ලද දේපොල අන්තර් ජාලය ඔස්සේ මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා ඇති බවද පොලිසිය පැවසීය.

