ඡන්ද පෝස්ටර් ඇලෙවු පුද්ගලයෙක්ට රුපියල් 100 ක දඩයක්


( ටෝනි කරුණානායක )

2020 පාර්ලිමේන්තු  මැතිවරණය සදහා  ඉදිරිපත් වි සිටින අපෙක්ෂකයකු ප්‍රවර්ධනය සදහා බිත්තිවල පෝස්ටර්  ඇලවු අයෙකුට රුපියල් 100ක දඩයක් ගම්පහ වැඩ බලන මහෙස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය අද (30) නියම කළාය .

දඩ නියම වු විත්තිකරු යක්කල -කිරිදිවැල ප්‍රධාන මාර්ගයේ දික්කන්දමංසන්ධියේ ඇති බිත්තිවල පෝස්ටර් අලවමින් සිටින අවස්ථාවේ විරගුල  පොලිසියේ නිලධාරි න් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කර තිබුණි .

 සමගි ජනබලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වි සිටින අපේක්ෂකයෙකුගේ රුව යොදා මුද්‍රණය කර තිබූ පෝස්ටර් අලවමින් සිටින අවස්ථාවේ විරගුල පොලිසියේ නිලධාරි න් විසින් පෝස්ටර් 48ක් සමඟ සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවට අධිකරණයේ දී සදහන් විය .