ඡන්ද පොලේ කලහකාරී කළ අයෙක් අත්අඩංගුවට


(ටෝනි කරුණානායක)

 

මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ ඇති ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේ කළහකාරී ලෙස හැසිරුණු සැකකරුවකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය.

ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට සහ ඡන්ද මධ්‍යස්ථානය වෙත එන මහජනතාව අසිරුවට පත් කරමින් එසේ කළහකාරී ලෙස හැසිරිම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු බොරගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.