චීන මිතුදම් සැමරුමට ජනපති එක් වෙයි


67 වැනි චීන ජාතික දින සැමරුම හා චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයට වසර 35 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක  සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

පාසල් මට්ටමින් පැවැති දීප ව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහකයන්ට තිළිණ ප්‍රදානය කිරීම ද ජනපති අතින් සිදු විය.

චීන -  ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති අමරදාස ගුණවර්ධන මහතා  විසින් ජනපති වෙත ග්‍රන්ථයක් ද පිළිගැන්වීණි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැං ලියැං මහතා ඇතුළු ආරාධිත පිරිස සැමරුම් උත්සවයට එක්ව සිටියහ.

7-(3) 1-(3) 3-(3)