(ජනත් ද සිල්වා)
ගුරු මාරු මණ්ඩල අනුමැතියකින් තොරව අධ්‍යාපන චක‍්‍රලේඛන බරපතල ලෙස උල්ලංඝනය කරමින් මාතර කළාපයේ ගුරුවරියකට ලබා දී තිබූ ස්ථාන මාරුව වහාම අවලංගු කළ බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කියයි
ඇතැම් පාසල් වල ගුරුවරුන්ට අධ්‍යාපන බලධාරීන්ගේ හිතුමතයට මාරුවීම් ලබා දෙන බව ගුරු සංගම් එකමුතුව මාධ්‍යට කල හෙළිදරව්වෙන් පසු ගුරු අතිරික්තයක් තිබූ මාතර උයන්වත්ත කණිටු විදුහලට මාරුකර තිබූ ඉංග‍්‍රීසි ගුරුවරියගේ ස්ථාන මාරුව අහෝසි කර නැවත ඇය සේවය කළ පාසලට පාසලට අනුයුක්ත කර ඇති බව මාතර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක ආර් කේ පී එච් ආරියරත්න මහත්මිය පවසයි.
ගුරු සංගම් පෙන්වා දෙන්නේ ඇතැම් පාසල් වලට ගුරු අතිරික්කයක් තිබියදී තවත් ගුරුවරුන් එම පාසල් වලට මාරු කර ඇති බවත් ගුරු පුරප්පාඩු පවතින පාසල් පිළිබඳ අධ්‍යාපන බලධාරීන් කිසිඳු සොයා බැලීමක් නොකරන බවත් ය.
චක්‍රලේඛනය උල්ලංඝනය කළ මාරුව අවලංගු කරයි
Recommended Articles