(ගලිගමුව විශේෂ රොහාන් කුමාර)
වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා ඝාතනය කුමන්තුණයේ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් වරකාපොළ නගරයේ උද්ඝෝෂණය කරමින් පරික්ෂණ කටයුතු කඩිනමින් කරණ ලෙස ඉල්ලා වරකාපොළ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති වරයා වෙත සංදේශයක් බාර දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරුන් ගේ සහභාගිත්තවයෙන් පැවැත්විය.
මෙම කුමන්තුණයේ සිටින නාමල් කුමාර නැමැත්තාද අත් අඩංගුවට ගන්නා ලෙසත් දැදිගම ආසනය අතීතයේ රටට ජාතියට සේවයකල රජවරුන් මෙන්ම ඩී එස් සේනානායක ධර්මසිරි සේනානායක නිශ්ශංක විජේරත්න මනෝ විජේරත්න වැනි නායකයින් බිහි වු පදේශයක මේ වැනි කුමන්තුණයන් කිරීම පදේශයටත් පදේශයේ ජනතාවටත් කල අවමණයක් බවද උද්ඝෝෂකයින් පැවසීය.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් තාරක බාලසූරිය, හිටපු පළාත් සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, ඇතුළු මන්ත්‍රීවරුන් පක්ෂ සමාජිකයන් ලෙස සහභාගි වූහ.