(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ගෝනපොළ තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකු බෙදා හැරීමට නියමිත ලිපි දහස් ගණනක් ඔලබොඩුව හන්දියේ තැපැල් පෙට්ටියක සඟවා රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කලුතර දිස්ත්‍රික් තැපැල් අධිකාරී චම්පික පෙරේරා මහතා පවසයි.
එම ලිපි අතර ලියාපදිංචි ලිපි 100කට ආසන්න ප්‍රමාණයක්ද වන බව පැවසේ.
ඉකුත් දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ලද තැපැල් පත් මෙසේ සඟවා ඇති බව අනාවරණය වී තිබේ.
කුලී පදනම මත ලබා දී ඇති ගොඩනැගිල්ලක ඇති ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට ඇති තැපැල් පෙට්ටිය අසාමාන්‍ය අයුරින් බර වැඩිවන බව ඔලබොඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු දැක ඒ බව ගෝනපොළ තැපැල් කාර්යාලයට දැනුම් දී තිබේ.
අද(28) දිනයේදී එම ලියුම්කරුගේ තුන්මාසයක කාලය අවසන් වීමට නියමිතව ඇති බවද තැපැල්හලේ සේවකයෙක් පැවසීය.
ගෝනපොළ පියුම් මාමා ලියුම් හංගයි
Recommended Articles