ගෝනපල ගම්වැසියෝ විරෝධයක


(කේ බුද්ධික කුමාරසිරි)

 

පවුල් පන්සියයකට ආසන්න ජනතාවක් ජීවත්වන ගෝනපල ඔළබොඩුව කන්ද අක්කර 7 නමැති ඉඩමක රජය මගින් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතින බව පවසා එයට විරෝධය පා ප‍්‍රදේශවාසීහු අද (7) විරෝධතාවයක් පැවැත්වුහ.

 

නිවාස ව්‍යාපෘතියට පවරා ගෙන ඇති බව කියන භූමියෙහි විරෝධතාවයෙහි යෙදුණු පිරිස පසුව විරෝධතා පුවරු රැගෙන විරෝධතා පාඨ කියමින් පා ගමනින් ගෝනපල ඔළබොඩුව හන්දිය දක්වා පැමිණ මොරගහහේන - පිළියන්දල ප‍්‍රධාන මාර්ගය ද අවහිර කරමින් විරෝධතාවයෙහි යෙදී සිටියහ.

විරෝධතාකරුවන් පවසන්නේ පවුල් 500 කට ආසන්න පිරිසක් පුදගලයින් දෙදහසකට ආසන්න පිරිසකට ක්‍රීඩා කිරීමට සහ පොදු කටයුතු සඳහා තිබෙන එකම ඉඩම මෙය වන බැවින් මෙම ඉඩමෙහි නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තමන් විරෝධතාවය පළ කරන බවයි.