(ක ග කරුණාරත්න)
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවී ගැබ්බර ගෝනදෙනකු සහ මුවෙකු වෙඩි තබා මරා දැමීම හා ගිනිඅවි ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා 6 කට අධිකරණයේ වරද පිළිගත් විත්තිකරුවන් තිදෙනෙකුට දඩ නියම කිරීමට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද (6) නියෝග කළාය.
ඒ අනුව ඔවුන්ට රුපියල් 345,000 ක දඩයක් මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
මෙලෙස දඩ නියම වුයේ මහියංගනය සහ දඹාන පදිංචිකරුවන් තිදෙනෙකුටය.