ගෝන මස් අලෙවි කිරීමේ ජාවාරමේ සිටි තුනකට අත්හිටවූ සිරදඬුවම්


(රංජිත් රාජපක්ෂ)                     

නුවරඑළිය නගරයට ගෝන මස් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් තිදෙනෙකුට  වසරක හා වසර දෙකක අත්හිටවූ සිරදඬුවම් නියම කිරීමට නුවරඑළිය ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රබෝද ජයසේකර මහතා අද (8) නියෝග කළේය.  

නුවරඑළිය වනජිවී කාර්යාලයේ නිලධාරීන් සහ මිපිලිමාන පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරුවන් තිදෙනාට සිරදඬුවමට අමතරව රුපියල් 230,000 දඩයක් ද ගෙවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

චූදිතයන් නුවරඑළිය කටුකිතුල ප්‍රදේශයෙන්  ගෝනුන් දඩයම් කර නුවරඑළිය නගර දක්වා ප්‍රවාහනය කර අවන්හල්වලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත සැකකරුවන්ව අත්අඩංගුවට ගැණිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගෝන මස් කිලෝ 10 ක් සොයා ගැණිනි. චූදිතයෝ තිදෙනාම නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.