ගොවියකුට වෙඩි තබා මැරූ ගොවියා පෝරකයට



(තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)


ඉඩම් ආරවුලක් හේතුවෙන් වලස්මුල්ල බෝවලදී වෙඩි තබා ගොවියකු ඝාතනය කළැයි කියන චෝදනාවක වරදකරුවූ විත්තිකරුවකුට තංගල්ල විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අද (15)  මරණ දඬුම් නියම කළාය.


වලස්මුල්ල බෝවල මුරුතමල්ගම පදිංචි වෙදගේ පේමසිරි (54) නමැති අවිවාහකයකුටය මෙසේ මරණ දඬුවම නියම විය.


2002.6.20 වැනි දා බෝවල ප්‍රදේශයේදී ඇහලවිටිය හේවගේ නිමල් පුෂ්පකුමාර නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට දීර්ඝ නඩු විභාගයකින් පසු චුදිතයාට මෙසේ මරණ  දඩුවම් නියමි විය.