(මොහොමඞ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ ගොකරැල්ල ප‍්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ස්කැමල්(කන්ටේනර්) රථයක්, ටිපර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු මියගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.
ඉබ්බාගමුවේ සිට මැල්සිරිපුරට යතුරුපැදියෙන් යමින් සිටි එකම පවුලේ සහෝදරයින් දෙදෙනා පැදවු යතුරුපැදිය කොළඹ සිට දඹුල්ලට අල තොගයක් රැගෙන යමින් තිබු ස්කැමල් රථයක් පසුකර යෑමට උත්සාහ කිරිමේදි එහි රෝදයක යතුරුපැදිය ගැටී මහියංගණය සිට කොළඹට වැලි පටවාගෙන එමින් තිබු ටිපර් රථයක යතුරුපැදිය ගැටි එය මිටර් 50ක් පමණ ඇදගෙන ගොස් රථය නතර වෙනවාත් සමග යතුරුපැදිය ගිනිගෙන විනාශ වි ඇතැයි පොලිසිය කරන ලද මුලික විමර්ශනවලදි හෙළිවී ඇත.