සනත් ගමගේ
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල ආරම්භ කර වසර පහක් පිරීම නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ගුවන්තොටුපලක රැකියා අවස්ථා සම්බන්ධව දැනුවත් කිරීම හා ප්‍රායෝගිකව අත් දැකීම් ලබා ගැනිම සඳහා වැඩ මුළුවක් මත්තල දි (15) ආරම්භ කෙරිණි.
උසස් පෙළ පාසල් දරුවන් 250 කට ආසන්න පිරිසක් මෙම වැඩ මුළුව සඳහා සහභාගී වී සිටියහ.
මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපල තුල සිඳුකරන සියළු කාර්යයන් සම්බන්ධව සිසුන්ට දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි. එමෙන්ම ගුවන් තොටුපලේ රැකියා අවස්ථා සඳහා යොමු විය යුතු අංශ කෙරෙහිද සිසුන්ට දැනුම හා අවබෝධය ලබා දීම ගුවන් තොටුපල කළමණාකාරිත්වය විසින් සිදු කරනු ලැබිය.
මත්තල දියුණු ලෝකය කර ගමන් කරන අවස්ථාවක පස් වන සංවත්සරය නිමිත්තෙන් පාසල් සිසුන්ට මෙම වැඩ සටහන ක්‍රියාත්මක කළ බව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කළමණාකරු උපුල් කලංසූරිය මහතා කිය.