ගුවන් හමුදා බාලදක්ෂ කණ්ඩායමෙන් දන්ත සායනයක්


(රේඛා තරංගනී ෆොන්සේකා)

අදට යෙදී තිබෙන බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩින් පවල් සාමිවරයාගේ 161 වැනි ජන්ම දිනය සහ මාර්තු දෙවැනිදාට යෙදී ඇති ගුවන් හමුදාවේ 67 වැනි  සංවත්සරය  සමරමින්   ගුවන් හමුදා බාලදක්ෂ කණ්ඩායම විසින් සංවිධානය කළ දන්ත සායනයක් කොළඹ ගංගාරාම විහාර භුමියේදී අද (22) පැවැත්විණි.

ශ්‍රි ලංකා ගුවන් හමුදා දන්ත රෝහලේ මුඛ රෝග නිවාරණ අංශය හා එක්ව ගුවන් හමුදා බාල දක්ෂ කණ්ඩායමේ ජේශ්ඨ ගුවන් බාල දක්ෂ කණ්ඩායම් නායක ඩී.ඒ.ඩී මනුල කාවින්දගේ ජනාධිපති ප්‍රදානය සඳහා වු ප්‍රජා සේවා ව්‍යාපෘතියද මෙහිදි ක්‍රියාවට නංවන ලදි.