ගුරුවරියක පහර දුන්නැයි සිසුවිය රෝහලේ


කේ බුද්ධික කුමාරසිරි
 
පොල්ගස්ඕවිට  පාසලක ගුරුවරියක තම දියණියට අමානුෂික ලෙස පහර දුන් බව කියමින්  සිසුවියකගේ මවක කළ පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු ආරම්භ කරන ලදැයි කහතුඩුව පොලිසිය පවසයි.
 
පහරකෑමට ලක් වූ බව කියන 12 හැවිරිදි ශිෂ්‍යාව වෑතර දිසා රෝහරේ ප්‍රතිකාර ලබන්නීය.
 
සිසුවියගේ තත්ත්වය බරපතල නොවන නමුත් ඇය විසින් පවසන රෝග අනුව ප‍්‍රතිකාර කටයුතු සිදු කරන බව වෑතර රෝහලේ ප‍්‍රකාශයෙක් පැවසීය.