(ක.ග. කරුණාරත්න)
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ ඇලහැර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ඇලහැර මහා විද්‍යාලයේ පාසලේ දරුවන්ගේ මාපියෝ පිරිසක් අද (28) පාසැල ඉදිරිපිට උද්ඝෝෂණයෙක නිරත වූහ.
ඇලහැර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ට නියමිත විෂයන් ඉගැන්වීම සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් ලබාදෙන ලෙස අධ්‍යාපන බලධාරීන්ට බල කරමින් උද්ඝෝෂණය පැවැත්විණි. ළමුන් 300 ක් පමණ ඉගෙනුම ලබන මේ පාසලේ ගණිතය, සිංහල, දෙමළ, සංගීතය, ක්‍රීඩා ආදී අත්‍යවශ්‍ය විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් නැතැයි උද්ඝෝෂණයට එක්ව සිටින මාපියෝ කියා සිටියහ.
ඇලහැර - නාඋල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ලවී ඇතැයි බකමූණ පොලිසිය සඳහන් කළේය.