ප්‍රසාද් රුක්මාල්
ඌව පළාතේ ගුරු විභාගය සමත් තරුණ තරුණියෝ රැකියා ඉල්ලා ඌව පළාත් සභාව ඉදිරිපිට දී අද (3) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වුහ.
ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව මොවුන් මෙසේ විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව උද්ඝෝෂණයේ නිරතවුහ.
ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන්සභාව මගින් 2017 වසරේ පැවැත්වු ගුරු විභාගය අසාධාරණ යැයි පවසා ඌව පළාත් සභා මන්ත්‍රී රැකියා විරහිත උපාධිධාරි සංගමයේ අනුශාසක සමන්ත විද්‍යාරත්න මහතා විභාගයට පෙනී සිට අසාධාරණයට පත් තරුණ තරුණියන් පිරිසක් හා එක්වා මෙම ගුරු විභාගය අසාධාරණ යැයි පවසා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවත් එම නඩුව වහා ඉල්ලා අස්කර ගන්නා ලෙසට පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට බලකර ඔහුට විරුද්ධව මොවුන් මෙම උද්ඝෝෂණය කළහ.
මෙම නඩුව ඉවත් කර තමන්ට රැකියා ලබා ගැනීමට උද්ඝෝෂණයේ නිරත පිරිස ඉල්ලා සිටියහ.