(ප්‍රසාද් රුක්මල් )
ගිරාදුරුකෝට්ට පොලිස් වසමේ හොබරියාව,මීගහහේන ප්‍රදේශයේ පුරා විද්‍යා වටිනාකමක් ඇති ඉඩමක නිධන් හාරමින් සිටි 7දෙනකු ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .
නිධන් හෑරීමට යොදා ගත් මල් වට්ටි , තෙල් වර්ග,පූජා භාණ්ඩ,උදලු,වතුර මෝටර් ආදී උපකරණ පොලිස් බාරයට ගෙන තිබේ .
ගිරාදුරුකෝට්ට පොලිසිය බදුල්ල පුරා විද්‍යා ආරක්ෂක ඒකකය මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස ගිරාදුරුකෝට්ට ,යටියන්තොට, කැළණිය ,මීගහහේන අරාවත්ත,යන ප්‍රදේශ වල පදිංචි අය බව පොලිසිය පවසයි.