(ඩබ් ඒ පියතිලක සහ ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයකු බෝර 12 ගිනි අවියක් සහ පතුරම් 4 ක් සමඟ දියබෙදුම ඇළිකිඹුලාවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද (8) අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දියබෙදුම පොලිස් වසමේ ඇළිකිඹුලාවල වැව අසල ක්ෂණික මාර්ග බාධකයේදීය. මෙම සැකකරු සතුව බෝර 12 ගිනි අවියක් සහ ඒ සදහා භාවිතා කරන පතුරම් 4ක් තිබී ඇත.
මෙම පුද්ගලයා මඩුදමන ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික තැපැල් ස්ථානාදිපතිවරයකු බවත් ගිනි අවිය රැගෙන යන්නේ රිලවුන්ට වෙඩි තැබිම සඳහා බව පොලිසිය කළ ප්‍රශ්න කිරිම් හමුවේ සැකකරු පැවැසු බව දියබෙදුම පොලිසිය කියයි.
පොලිස්පතිගේ නියෝග පරිදි දිවයින පුරා අද (8) අලුයම 4 සිට උදැසන 7 දක්වා කාලය තුළ පැවැති විශේෂ මෙහෙයුම් කාලය තුළදී මෙම පුද්ගලයා සහ ගිනිඅවිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් ගිනි අවිය සහ සැකකරු අද (8) හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

