ගිනි අවියක් සහ දඩමස් තොගයක් සමඟ අයෙක් සැකපිට



 
(ජුඩ් සමන්ත)

බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක් සහ දඩ මස් කිලෝ ග්‍රෑම් 3 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය කියයි.

ආඩිගම - මදවක්කුලම ප්‍රදේශයේ නිවසක තිබී ගිනි අවිය සහ දඩ මස් තොගය පොලීසිය විසින් සොයා ගෙන ඇත.

සැකකරු, ගිනි අවිය සහ දඩ මස් තොගය ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.