ගිනි අවි දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට


(ඩී.කේ.රත්න)
 
තණමල්විල ඌවකුඩාඔය බලහරුව ප‍්‍රදේශයේදී ගිනිඅවි දෙකක් සමඟ පුද්ගලයෙකු අද (07) අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.

සැකකරු ඌවකුඩාඔය බලහරුව ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සතුව තිබූ  ගිනිඅවි, මෙරට නිෂ්පාදිත ඒවා බවද පොලිසිය කියයි.

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල ඌවකුඩාඔය බලහරුව ප‍්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ගිනි අවි දෙක සොයාගෙන තිබේ.

සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

තණමල්විල පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.